#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: පුද්ගලයින් 2500කට මරු කැඳවූ ඇෆ්ගනිස්ථානයේ නායයෑම....

Social Icons

Saturday, May 3, 2014

පුද්ගලයින් 2500කට මරු කැඳවූ ඇෆ්ගනිස්ථානයේ නායයෑම....




ඇෆ්ගනිස්තානයේ බදක්ෂාන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් මේ වනවිට පුද්ගලයන් 2500 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගිය මැයි 2 වැනිදා සිදුවූ මෙම නායයාමෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව තිබෙනවා. බදක්ෂාන් ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය මෙම නායයාමට හේතු වී තිබෙනවා.

නායයාමට ලක්වූ බදක්ෂාන් ප්‍රාන්තයේ හින්දු කුෂ් ගම්මානය ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට කිලෝමීටර් 376 ක් දුරින් ඊසාන දෙසට වන්නට පිහිටා තිබෙනවා.
පාකිස්තානය, තජිකිස්තානය සහ චීනයට මායිම්ව පිහිටි මෙය කදුවලින් ගහන ඉතා දුෂ්කර ගම්මානයක්.

නායයාම්වලින් විපතට පත්ව ඇත්තේ, එම කන්දු ආශ්‍රිතව ජීවත් වූ ජනතාවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් ස්ථානවල මීටර් 60 කට වඩා උසින් යුත් මඩ තට්ටු කඩා වැටී ඇති අයුරු දක්නට ලැබෙන බවයි.
මඩ තට්ටු තුළ සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයට ළගාවීමේ මාර්ග පහසුකම් නොමැති, සහන සේවා කටයුතුවලට එල්ල කර ඇත්තේ, දැඩි බාධාවක්.
මේ වන විට එම ප්‍රදේශයට ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සහන් සේවා කණ්ඩායම් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අවතැන්වූවන් 4000 ක් පමණ තාවකාලික කදවුරුවලට යොමු කර තිබෙනවා. 

ඉතා දිළිදු ජීවිතයක් ගත කරන බදක්ෂාන් ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ, නීති විරෝධී ලෙස කරගෙන යන අබිං හා කන්සා වගාවන්. 

ලොව මාතෘ මරණ අනුපාතය අතින් ද මෙම ප්‍රදේශය ඉතා ඉහළ අගයක් ගන්නා බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තා වල සදහන්.

මෙම පුවත සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින් බලන්න....

























No comments:

Post a Comment