මේ ඉන්දියාවේ ගොඩක් අය මේ මොහොතෙදි කතාවෙන දේවල් වලින් ටිකක්. ඔබත් මේ ආරංචිය දැන ගත්තම අනීවා අනිත් අයටත් කියාවි.
අබ ඇටයක තරම්වත් අඩුවක් නොකර කතාවම කියන්නංකෝ. මතකනේ Ram Leela චිත්‍රපටය. කොහොම අමතක වෙන්නද නේද? අර දීපිකා රන්වීර් ආදර කතාව ෂූටින් වලයි, රාම් ලීලා ආදර කතාව චිත්‍රපටියෙයි තිබුණේ.ගිය අවුරුද්දේ අග ආදායම් වාර්තා බිදගෙන මේ චිත්‍රපටිය දිවුවට මොකද නොසෑහෙන්න බාල්දි මේ Film එකට පෙරළුනා.
හින්දු ආගමට නිගා කරන Film එකක් කියන ලේබල් එක, රිලීස් වෙන්නත් කලින් Ram Leela ට ඇලවුනේ ඉන්දීය අධිකරනයක නඩුවක් ගොනු වෙනවාත් එක්කමයි. එතනදි උසාවිය නියොග කරේ 2013 නොවැම්බර් 22 වෙනකං Film එක එලියට දාන්න එපා කියලයි. ඒක කනකටවත් ගත්තේ නැති Ram Leela ටීම් එක Film එක නොවැම්බර් 15 රිලීස් කරා. ඊට පස්සේ නඩුව විභාග කරන දිනේට Ram Leela ටීම් එක උසාවි ගියෙත් නෑ.
වරදක් කරත් නැතත් උසාවියක නඩුවක් වැටුනොත් අනිවාර්යෙන්ම දිනේට වෙලාවට උසාවියේ ඉන්න ඕන. ලංකාවේ වගේම ඉන්දියාවෙත් උසාවිය උත්තරීතරයි. දවසින් දවස මෙහෙම උසාවියෙන් කට්ටි පැන පැන හිටියහම ඊලගට වෙන්නේ මොකක්ද කියලා ඔබ දන්නවනේ. ඒක ඒ විදිහටම වුණා. Ram Leela Film එකේ අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි, දීපිකා පදුකෝන්, රන්වීර් සිං, ප්‍රියංකා චොප්රා දුටු තැන අල්ලන්න උසාවිය මුම්බායි පොලීසියට නියෝග කරා. අත්අඩංගුවට අරං ඊට පස්සේ ජුනි 4 වෙනිදා උසාවියට ඉදිරිපත් කරන්න කියලත් විනිසුරුවරයා පොලීසියට නියෝග කරා.
දැන් ඉන්දියාවේ හැමෝම බලන් ඉන්නේ හින්දු ආගමට මහා අපරාධයක් කළ Ram Leela කට්ටියව පොලීසිය අල්ලනකං. ඔබටත් තියෙන්නේ ඉතිං ඒදේ වෙනකං බලන් ඉන්න. මොකද උසාවියක විභාග වෙන නඩුවක මෙයයි හරි , මෙයයි අපරාධකාරයා කියලා කිසිම කෙනෙක්ට කියන්න බැහැ. ඒ නිසා අපිත් දැන් කට පියාගන්නවා. හැබැයි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා...
No comments:
Post a Comment