#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: කෙල්ල හැරී කුමාරයාට බූට් එක තියයි

Social Icons

Saturday, May 3, 2014

කෙල්ල හැරී කුමාරයාට බූට් එක තියයි



හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන ක්‍රෙසිඩා බෝනස් අතර පැවති ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. BBC පුවත් සේවය වාර්තා කරන්නේ පෙම් සබඳතාව නිමා වුවත් ඔවුන් දෙදෙනා ඉදිරියටත් හොඳම මිතුරන් ලෙස ඇසුරු කිරීමට තීරණය කර ඇති බවයි.
ඔවුන් දෙදෙනා පසුගියදා වෙම්බ්ලි ක්‍රීඩා පිටියේ පැවති සමාජ සේවා වැඩසටහනක් සඳහා නිල වශයෙන් සහභාගී වීමත් සමඟ හැරී කුමරු නුදුරු අනාගතයේදී ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනා කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කළා.කෙසේවෙතත් හැරී කුමරු ලබන මාසයේදී එසතෝනියාවේ සහ ඉතාලියේ තෙදින සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිත බව දැනුම් දීමත් සමඟ හිටි හැටියේ මේ පෙම් පුවත නිමාවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ මෙම වෙන්වීමට දෙදෙනාගේ අනාගත විවාහ ගිවිසුම පිළිබඳව වූ උපකල්පනය සහ අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරය බලපා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතරම තවත් මාධ්‍ය සදහන් කරන්නේ පෙම බිදීමට හේතුව බෝනස් මෙනෙවියට සිය වෘත්තිමය ජීවිතයට අවධානය යොමු කිරීම සඳහා වූ අවශ්‍යතාවය බවයි. අවසානයේ හැරී ආයෙමත් තනිකයවී ඇතිබවයි සදහන් වන්නේ.











No comments:

Post a Comment