#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: පිපිරෙන්න ළඟ නිල් තල්මසා

Social Icons

Saturday, May 3, 2014

පිපිරෙන්න ළඟ නිල් තල්මසා



දැනට දින කිහිපයකට පෙර කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරයට ගොඩ ගසා ඇති නිල් තල්මස් සිරුරක වායු එක්රැස්වී එය බැලූමක් මෙන් පිම්බී ඇති හෙයින් එය පුපුරා යනු ඇතැයි ප්‍රදේශවාසීන් බියෙන් සිටිති.
එසේ පිම්බෙන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසාය. මෙම වායු ඇතැම් අවස්ථාවන්හි විස සහිත වනවා සේම අධික දුර්ඝන්ධයක්ද විහිදුවයි.දැනටමත් දැඩි දුර්ඝන්ධයක් ඉන් විහිදෙන බවත් ඉදිරි දින කිහිපයේදී එය පුපුරා යෑමේ තත්ත්වයක් තිඛෙන බවත් ඔවුහු කියති.පිපිරීමෙන් ප්‍රදේශයට හානිවේයැයි හෝ මළ සිරුරෙන් පරිසරයට එක්විය හැකි නොයෙකුත් බැක්ටීරියා හා අපද්‍රව්‍ය නිසා විවිධ ලෙඩ රෝග හෝ පැතිරෙනු ඇතැයි ද කියයි.නමුත් ප්‍රදේශයේ ධීවර හා මත්ස්‍ය කටයුතු සම්බන්ධ ආයතනය කියන්නේ එසේ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.එසේ යැයි කියා පිම්බී ඇති ‘බැලූම‘ පිපිරවීමට උත්සාහ නොකර සිටීම යෝග්‍ය යැයි එම ආයතනය පවසයි.මෙම සිරුර යාර 28 පමණ දිගින් හා ටොන් 60 ක් පමණ බරකින් යුතුවන බව සදහන්ය. මෙවැනි විශාල සිරුරක් ආම්බාන් කළ හැකි උපකරණ හා උපාංග නොමැති හෙයින් එය වෙරළේම තිබෙන්නට හළ බව වනජීවී ආයතනය කියයි.











No comments:

Post a Comment