අවිවාහක තරුණ තරුණියෝ සිය ආශාවන් තෘප්තිමත් කර ගැනීමට විවිධ ලිංගික උපක‍්‍රම යොදා ගනිති. උදාහරණයක් ලෙස සමහර පිරිමින් ස්වකී‍්‍රය ශිෂ්ණයන් යොදා ස්ති‍්‍රයකගේ යෝනි ප‍්‍රදේශය පිරිමදිත්, "එසේත් නොමැතිනම් කලවා අතරින් ප‍්‍රවේශ කර සමහරු ස්ති‍්‍රයට තෘප්තියක් ලබාදීම පිණිස ස්ති‍්‍රයගේ ක්ලිටෝරිසය පිරිමැදීම වැනි විවිධ ලිංගික කි‍්‍රයාවන්හි යෙදේ."
එවන් අවස්ථාවක පුරුෂ පාර්ශවයේ ශුක‍්‍ර මෝචනය වී ශුක‍්‍ර තරලයෙන් බිඳුවක් බිඳි කිහිපයක් යෝනි මුඛයේ තැවරී එය ගර්භාෂය තුළට කාන්දුවීමට ඉඩ ඇත. වරෙකට පිටවන තේ හැන්දක පමණ වන ශුක‍්‍ර දියරය තුළ කෝටි ගණන් ශුක‍්‍රාණු ඇත. දරු ගැබක් ඇතිවීමට අවශ්‍ය වන්නේ මෙයින් එක් ශුක‍්‍රානුවක් පමණි. ස්ති‍්‍රය ඔසප්වීමෙන් පසු සතියක් ගතවීමෙදී ස්තී‍්‍ර බීජයක් වැඞී ගර්භාෂයට පිවිසී ඇති අවස්ථාවක මෙය සිදුවුණි නම්, එකී ඩිම්බය නොහොත් ස්තී‍්‍ර බීජය, ශුක‍්‍රාණුව හා මිශ‍්‍ර වී සංසේචනය වීමෙන් දරු ගැබක් ඇතිවීමට ඉඩකඩ ඇත. එක ඔසප්වීමේ සිට මීළඟ ඔසප්වීම දක්වා වූ දින 28 ක පමණ කාලසීමාව තුළ පළමු වන සතිය හා අවසාන සතිය හැර ඉතිරි සති දෙක තුළ ශුක‍්‍රාණුවක් ගර්භාෂයට පිවිසුනහොත් දරු ගැබක් ඇතිවීමට ඉඩ ඇත. අප සිතන පරිදි මෙසේ දරු ගැබක් හට ගැනීමට සංවාසය නැමැති කි‍්‍රයාවලිය අවශ්‍ය නොවන බව ඔබට දැන් මනා දැනුමක් ඇති හෙයින් වත්මන් සමාජය තුළ ඇතිවිය හැකි අඩු වයස් ගැබ් ගැනීම්වන ප‍්‍රබල ගැටළුව සඳහා ඔබ හැඟීම් හා ගැටෙන අවස්ථාවක මේ පිළිබඳව මනාව සිතා අවබෝධ කර ගන්නා ලෙසත්, ඔබ අවට සමාජයේ යාළු මිත‍්‍රාදි සියලූ දෙනාට අවබෝධ කරදෙන ලෙසත් අප ඉල්ලා සිටිමි.
හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති අප රටේ දිනෙන් දින ඉහල යන ලිංගික අපරාධ වැඩිමනක් සිදුවන්නේද නිවැරදි අවබෝධයක් නොමැති නිසාවෙනි. ලිංගිකත්වය ඉගෙන ගැනීම යනු වසන් කල යුතු බරපතල අපරාධයක් නොවන්නේය.
මනෝවිද්‍යා උපදේශකලලේඛක G.A මාතුෙප්ම මහතාගේ කෘතියක් අැසුරෙන් දිමන්ත සඳරුවන් නිර්මාණය කළ සටහනකි.
No comments:
Post a Comment