#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: ජේම්ස් පැකර් මහ පාරේ ගුටිකෙළියක (Video)

Social Icons

Monday, May 5, 2014

ජේම්ස් පැකර් මහ පාරේ ගුටිකෙළියක (Video)

May05
ජේම්ස් පැකර් මහ පාරේ ගුටිකෙළියක (Video)




ඕස්ටේ‍්‍රලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ එරට  Channel Nine රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් ගින්ජෝල් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

සිඞ්නි නුවර - බොන්ඩි වීථියේදී ඊයේ පස්වරුවේ මෙම ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇති අතර ඉට හේතුවී ඇත්තේ තම නිවස ඉදිරිපිට Nine Network හි, ප්‍රවෘත්ති කණ්ඩායමක් සජීවි විකාශ රථයක රැඳී සිටිනවා යැයි ජේම්ස් පැකර් විසින් වරදවා වටහා ගැනීමක් .

මෙම ගැටුම එක් ඡායාරූප ශිල්පීයෙක් රූගත කර ඇති අතර අදාළ ඡායාරූප News Corp ආයතනය ඩොලර් 200000 මිලදී ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ ඡායාරූප ශිල්පීයා මාධ්‍ය වෙත පවසා තිබුණේ පිස්සු බල්ලන් දෙදෙනෙකු ලෙස මෙම කෝටිපතියන් දෙදෙනා මහ පාරේ පොරකෑ බවයි.
පැකර්ගේ දකුණු ඇස තැළී කලු පැහැ ගැන්වී තිබුණු බවත් ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණා.

පැකර් හා ගින්ජෝල් සමීපතම මිතුරන් වන අතර ජේම්ස් පැකර් විවාහ වන අවස්ථාවේ දෙවන මනමාලයා වූයේද ඬේවිඞ් ගින්ජෝල්.

එමෙන්ම Channel Nine රූපවාහිනී නාලිකාවේ සමාරම්භකයින් වන්නේ ද ජේම්ස් පැකර්ගේ පියා වන කෙරී පැකර් සහ ඬේවිඞ් ගින්ජෝල්ගේ පියා වන බෲස් ගින්ජෝල් යන දෙදෙනායි.

ගැටුමෙන් පසුව මොවුන් දෙදෙනාම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිඛෙන්නේ දෙදෙනාම තවමත් මිතුරන් බවයි.