එළදෙනගේ හදවතින් දරුවාට ජීවය
ඉපදී සති දෙකක් ගතවන විට ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙලෙන්නට විය. පෙට්රා ඒ ගැන පවසන්නේ මේ ආකාරයෙනි.
‘‘ දරුවාට හුස්ම ගන්න අපහසුවන විට මට වැදගම්මක් නැති හැඟීම් ඇති වෙන්න ගත්තා. කුමක් හෝ වැරැද්දක් ඇතැයි සිතුනා. මම හිතුවා මට මානසික ප්‍රශ්නයක් කියලා. ඒත් තවත් නරක තත්ත්වයට පත්වෙද්දී 'හල්' රාජකීය රෝහලට මම ඔහු රැගෙන ගියා.“
එහිදී කරන ලද පරික්ෂණ වලින් පෙනී ගියේ මේ බිළිඳාගේ හදවතේ සිදුරු දෙකක් ඇති බවත් මහා ධමනිය ක්‍රමයෙන් පටු වෙමින් පවතින බවත් ය. ඔහුගේ රුධිර සංසරණය අසීරු වී ඇති අතර අසාමාන්‍ය හුස්ම ගැනීම සහ තොල් දම්පැහැවීම් සිදුවෙමින් පවතින්නේ ඒ හේතුවෙන් බවත් වෛද්‍යවරු කියද්දී මවට කරකියාගත හැකි දෙයක් නොවුණි.
රූබන් සැත්කම් දෙකකට භාජනය කෙරිනි. දෙවන සැත්කමේ දී සිදුකළේ එළදෙනකගේ හෘදයෙන් ලබාගත් පටක මේ දරුවාගේ හෘදයේ ඇති සිදුරු වැසීමට යොදා ගැනීමයි. දැන් ඔහුගේ ජීවිතය රැකී තිබේ. සැත්කම කළ දරුවා පසුගිය දා සිය පළමු උපන්දිනය සැමරුවේය.