#1 Sinhala font only in Post area .post-body { font-family: Dhananjayaweb; } #2 On full document/page body { font-family: Dhananjayaweb; } HiruGossip: කට ගඳ ගැසීම, ඔබෙත් කට ගඳයි ද ? එහෙනම් මෙන්න පිළියම...

Social Icons

Saturday, May 3, 2014

කට ගඳ ගැසීම, ඔබෙත් කට ගඳයි ද ? එහෙනම් මෙන්න පිළියම...





  සමහර තරුණ තරුණියන් ඉදිරියේ ඇති තදබලම ගැටළුවකි කට ගඳ ගැසීම. මෙය තරුණ තරුණියන් අතර පමණක් නොව කොයි කාටත් ප‍්‍රශ්නයක් වීමට ඉඩ ඇත. කට ගඳ ගැසීම නිසා සිය පෙම්වතා ඉදිරියේ පෙම්වතිය අපහසුතාවයට පත්විය හැක. සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වන රැකියා බලාපොරොත්තු වන තැනැත්තාට එය ගැටළුවක් වනු ඇත. මිතුරන් සමග කතා කරන විට අතින් කට වසාගෙන සිටින අය මා අනන්තවත් දැක ඇත.....



මීට හේතුව කුමක්ද ? මෙය වළක්වා ගත හැක්කේ කෙසේ ද ? කට ගඳ ගසන විවිධ හේතු ඇත.
1.    දත්වල අපිරිසිදුකම.
2.    දත් නරක් වී ඒ තුළ කුහර ඇතිවීම.
3.    පෙනහළු ආබාධ.
4.    නාසය අවට ඇති වායු කුහර තුළ විෂබීජ රැුස්වී ආසාදනය වීම.
5.    බඩ වැල්වල ඇතිවන ආබාධ නිසා.
6.    දුම්පානය සහ විවිධ මද්‍යසාර භාවිතය තුළින් පෙනහළු ආසාදනය වීම.

කට ගඳ ගැසිය හැකි ක‍්‍රම.
රෑ නින්දට යාමට පෙර බුරුසුවකින් දත් නොමදින අයගේ මුඛයේ දත් අතර ඇති ආහාර කැබලි රාති‍්‍රය මුළුල්ලේ විෂබීජවල බලපෑම නිසා නරක්වීම හේතුවෙන් කට ගඳ ඇතිවිය හැක.

දත් නරක් වී තිබේ නම් ඒවායේ කුහර තුළ විෂබීජ මඟින් ආසාදනය වී ඉන් දුඟඳක් පිටවිය හැක.

විදුරුමස හා දත සම්බන්ධ වන තැන ඇතිවන මැලියම් ඝන තට්ටු හේතුකොටගෙන විදුරුමස තුළට විෂබීජ ඇති වී සැරව ගෙඩි ඇති වී ඒවායින් නැගෙන දුඟඳ කටින් පිටවීමට ඉඩ ඇත.

පෙනහළු තුළ ඇතිවන ආසාදනයන් හේතුකොටගෙන කට ගඳ ගැසිය හැක.

නාසය අසල හිස් කබලෙහි වායු කුහර පිහිටා ඇත. මේවායේ අභ්‍යන්තරයේ ඇති ශ්ලේෂ්මල පටල නොහොත් සෙම තට්ටු හෙම්බිරිස්සාව කල්පැවතීම හේතුකොට ගැනීම තුළින් දුගඳ කටින් මතුවීමට ඉඩ ඇත.

මුඛයෙන් ගමන්ගෙන ආමාෂය පසුකොට ආරම්භ වන්නා වූ මීටර් 7 ක පමණ දිගු කුඩා බඩවැල තුළ බොහෝ සෙයින් ආහාර දිරවීම සිදුවේ. ආහාර දිරවීම සිදුවනවිට නොයෙක් ආකාරයේ ගෑස් නිකුත්වීම තුළින් කට ගඳ ගැසිය හැක.

මේ අන්දමට බඬේ අජීර්ණයක් පවතින විටද කට ගඳ ගැසිය හැක.

කට ගඳ ගැසීම වළක්වන්නේ කෙසේ ද ?
රෑට නින්දට යාමට පෙර දත් අතර ඇති ආහාර කැබලි ඉවත් වන පරිදි දත් බුරුසුවකින් හොඳින් දත් මැද කට සෝදා දැමීමද, ලූණු වතුරෙන් මුඛය හා උගුර සේදිමද කට ගඳ වළක්වා ගැනීමට ගත හැකි අප දන්නා හොඳ පියවරකි.

දත්මුල්වල ටාටා‘ර්’ නම් මැලියම් බැඳී ඇත්නම් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වා ඒවා කපා පිරිසිදු කරගත යුතුයි.

හෙම්බිරිස්සාව හොටු කහ පැහැයට හැරී ඇත්නම් වෛද්‍යවරයෙකු හමු වී ප‍්‍රතිජීව ඖෂධ ලබාගත යුතුය.

කුඩා බඩවැල් තුළ දිරවන ආහාර පහසුවෙන් පිටවීමට ආධාරවීමට කෑම වේල් අතරට පිරිසිදු ජලය හොඳින් පානය කරන්න.

මෙසේ රාති‍්‍ර නින්දට පෙර හොඳින් දත් මැද කට සෝදා ගැනීමෙන්ද, දත් මුල් විදුරුමස් ආදිය වරින්වර දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වීමෙන්ද, හොඳින් ජලය පානය කිරීමෙන්ද කට ගඳ ගැසීම බොහෝ දුරට නැතිකර ගත හැකිය.

උපුටා ගැනීමක් තුළින් කළ නිර්මාණයකි.
එම්.එච්. දිමන්ත සඳරුවන් ද සිල්වා.

No comments:

Post a Comment