"සල්ලි වලටයි නම්බුවටයිනේ අයිශ් අභීව කසාද බැන්දේ, ආදරයක් හින්දා නෙවෙයි" ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවේ අපිත් තාම කියන්නේ ඔය කතාව නේ. අපි එහෙම කිව්වට මොකද මේ දෙන්නා නම් සතූටින් ජීවත් වෙනවා. දැන් අවුරුදු දෙකකටත් වැඩි දුවෙකුත් ඉන්නවනේ. ඒයා ආරාධ්‍යා.
ආරාධ්‍යා හම්බවුණාට පස්සේ මේ අයිශ් ද කියලා හිතාගන්න බැරි තරමට ඇය මහත් වුණා. හැබැයි ඒ ඉක්මනට ආයිත් ඇග කෙට්ටු කරගන්නත් අයිශ් කටයුතු කරා. ගොඩාක් අය කිව්වෙ ආයිත් රගපාන්න තියෙන ආසාවටයි අයිශ් එහෙම කරේ කියලයි. ඒ කතාව ඇත්තක් කියලා ඔප්පු වුනේ අයිශ් මනිරත්නම්ගේ Film එකක් භාර ගත්තා කියලා ආරංචි වුනාමයි. කොහොම වුණත් දැන් හැමෝම බලන් ඉන්නේ අයිශ්වර්යා රායි බච්චන් ගේ දෙවෙනි ආගමනය වෙනකං. හැබැයි ඊට කලින් අයිශ්ගෙයි අභීගෙයි දෙවෙනි දරුවගේ ආගමනය සිද්ධ වෙයි වගේ.
මේ දවස් වල ඉන්දියාවේ ලොක් සභා මැතිවරණය. ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම ඡුන්දෙ දාන්න ඡන්ද පොළවලට ඇදීලා එද්දි, බොලිවුඞ් සිනමාවේ බලය හිමි භච්චන් සමාගමේ සමාජිකයොත් ඒ අතර හිටියා. හැබැයි හැමෝගෙම අවධානය යොමු වුනේ නං අයිශ්ට විතරයි.
හරි පුදුමයි, අයිශ් ආයිත් මහත් වෙලානේ. හරියට ආරාධ්‍යා ලැබෙන්න ඉද්දි වගේ, මූණත් එක්ක මුලූ ඇගම මහත් වෙලා. හැබැයි ඒ මහත එච්චර කැපිලා පේන්නෙ නැතිවෙන්න ඇය සැහැල්ලූ ඇදුමක් ඇදලයි හිටියේ. හැබැයි ඉතිං මොනවා කරත් මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහන්න අමාරුයිනේ. ගොඩක් අය අයිශ්ව දැක්ක ගමන් කිව්වේ, 'ආනේ ආයිත් Pregnant වෙලා' කියලයි.
කොහොම වුණත් දැන් අපිට ආරංචිවුනා අයිශ් මනිරත්නමගේ Film එකත් ප‍්‍රතික්ෂේප කරා කියලා. ඒ කියන්නේ ඉතිං අපේ සැකේ හරි වගේ. කොහොම වුණත් උගුරට හොරා බෙහෙත් බොන්න බෑනේ. තව මාස දෙක තුනක් යද්දි අපිට පෙනෙයි කවුද හරි, කවුද වැරදි කියලා. එතකං කිසිමදෙයක් දන්නෙනෑ වගේ ඉමු.
No comments:
Post a Comment